PHP හැදින්වීම
අද අපි බලමු පොඩි හැදින්වීමක් කරන්න PHP ගැන.සමහර අය දන්නවත් ඇති මොකද්ද මේ PHP කියන්නේ කියලා.නොදන්නා අයත් ඇති.අපි දෙගොල්ලන්ටම දැනගන්න එක්ක බලමු PHP කියන්නේ මොකද්ද කියලා.
ඇත්තටම PHP කියන්නේ මොකද්ද?
PHP - php hypertext preprossor
ඇත්තටම යාලුවනේ ඔයාල java , C++ .C# ඔය වගේ programming languages වල නම් අහල තියෙනවා නේද?
PHP කියන්නෙත් Language එකක්.නමුත් මේක පාවිච්චි කරන්නේ servers එක්ක කරන ගනුදෙන්වලදී තමා.
ඇත්තටම කිව්වොත් යාලුවනේ PHP කියන්නේ server side scripting language එකක් . ඒ වගේම අනෙක් වැදගත් කාරණය තමා PHP , free and open source. ඒ කියන්නේ ඕනෑම කෙනෙක්ට පාවිච්චි කරන්න පුළුවන්.source code එක අරන් තමන්ට අවශ්‍ය වෙනස්කම් කරන්න පුළුවන් කියන එක තමා.ඔයගොල්ලෝ සමරවිට ASP ගැන අහල ඇති එක නම් free නෙවේ.
තව මේ PHP code එකක් ඇතුලේ text, java script, html tags තියෙන්න පුළුවන්.
PHP වල file extension එක තමා .php
අනික් දේ තමා PHP platform independent. ඒ කියන්නේ Linux, Windows ඕනෑම OS එකක වැඩ කරනවා ASP වගේ නෙවේ.
අපි අද දැනගත්තනේ PHP කියන්නේ මොකද්ද කියලා .ඊළඟ post එකෙන් බලමු ඔයාලගේ පරිගණකයට PHP install කරන හැටි.එහෙනම් හැමෝටම ආයුබෝවන්.