අද මන් අලුතින් category එකක් එකතු කරා.මගේ blog එකට.අපි හැමෝම සිදු අහනවා නේද.
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලෝකය හෙටත් තියේ....
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
ගොඩක් අය යම් සිංදුවකට කැමැත්තක් ඇතිවෙන්නේ බොහෝ දුරට ඒ ගීතය එයාගේ සත්‍ය
ජීවිතෙත් එක්ක බැදිලා තියෙනවන් කියලා මට හිතෙනවා.ඉතින් අද මන් ගී මිහිර තුලින් මුලින්ම
අරන් ආවේ ලස්සන ආදර ගීතයක්
මේ ගීයත් එක්තරා පුද්ගලයෙක්ගේ සත්‍ය ජීවිතත් එක්ක බැඳුන දුක්බර සිදුවීමක්.
මේ තරුණයත් තමන්ගේ පෙම්වතියට ගොඩාක් අදරේ කරපු අවංක පෙම්වතෙක්.ජීවිතේ කොච්චර ප්‍රශ්න ආවත් ආදරේ හැර නොයන්න මේ දෙන්නත් පොරොන්දු වෙලා තියෙනවා.එත් තමන්ගේ දෙමාපියන්ගෙන්
කිසිම කැමැත්තක් මේ දෙන්නගේ ආදරේට ලැබිල නෑ.ඒ නිසා මේ තරුණියට සිද්දවෙනවා මේ සම්බන්දය
නවත්තන්න ඇයගේ දෙමාපියන්ගේ බලකිරීම නිසා.
ආදරයේ නාමයෙන් සිදුවුණු පොරොන්දු ඇය අතින් කඩවෙනකොට ඇයටම එක දරාගන්න බැරිවෙනවා.
ඔව් .ඇය තීරණයක් ගන්නවා, අවසන් ප්‍රතිපලය මොකද්ද.? ඇය සිය දිවි හානිකරගන්නවා.
මේ පෙමවතා මේ මොනවත්ම දන්නේ නැ.හදිසියේම තරුණියගේ පියා මේ තරුනයාට හදිසියේම කතා කරලා කියනවා ගෙදර එන්න කියලා.එක අහල මේ තරුණයා සතුටින් ඉපිල යනවා.ඈයගේ ගෙදරින් ඔවූන්ගේ ආදර
සම්බන්දයට කැමැත්ත ලැබිල කියලා.
එත් මේ තරුණය තම පෙම්වතියගේ ගෙදරට යද්දී ගේ ඉස්සරහ සුදු කොඩි.තරුණය හිතනවා තමන්ගේ පෙම්වතිගේ ආච්චි අම්මා ගොඩක් වයසයි.ඔහු ගෙට ගොඩවෙනවා තමන්ගේ පෙම්වතියගේ ආච්චි අම්මට ගෞරව කරන්න කියලා.
එත් ඔහුගේ දෛවය ඔහුට කොච්චර සරදම් කරනවද කිව්වොත් ඔහුට අවසන් ගෞරව දක්වන්න වෙන්නේ තමන්ගේම පෙම්වතියට.ඒ වෙලාවේ ඔහුවේ හැගීම් තමයි මේ විදියට ගීතවත් වෙන්නේ.
මේ ගීතය download කර ගැනීමට මෙතන clik කරන්න
download song
එදා මෙදාතුර කඳුලට විවරව
දෑස් පියන්පත් කවුළු වසා
ළයේ ගලා ගිය සෙනේහයේ සුව
සිනා පෙරූ රත් දෙතොල පියා...
මිලාන වී ගිය රෝස කුසුම් පෙති
කම්මුල් සුදු මැලි පාට පොවා
දෑත ළයේ බැඳ අවසන් ගමනට
සොඳුරිය මට නොකියාම ගියා...
දැස් කවුළු පත් පලා කඳුළු කැට
වැහෙද්දී මගේ දෑස් අගින්
කාත් කවුරුවත් වෙතත් හිතයි මට
පාත් වෙන්න ඔය මුවට උඩින්...
ඈත්ව යන්නට සමුගෙන කවුරුත්
ඔබෙ මුව දොවතත් සුවඳ පැනින්
මාත් මගෙ හිතටත් ඔබ සුවඳයි
ඈත්නොවේමැයි ඒ සුවඳින්...
ඊයේ ඉපදී අද මිය යන්නට
පෙරුම් පුරාගෙන උපන් ළයේ..
හීයේ වේගෙන් අහස උසට බැදි
ආදර ලෝකය හෙටත් තියේ....
ඒත් ඉතින් දැන් සොඳුරියෙ ඔබ නෙත..
ඇයි මේ ලොව මා තනිව ගියේ...
ආයේ දවසක එක හිත් ඇත්තන්..
වී අපි ඉපදෙමු එකට ප්‍රියේ
උපුටා ගැනීමකි.....
